ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා සහ පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා අතර හමුවක් අද (29) වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින සාම සාකච්ඡා සඳහා පාකිස්තානය මැදිහත්කාරීත්වයක් සපයමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් පාකිස්තාන ඉහළ පෙළේ නිලධාරීන් පසුගිය දින කිහිපයේදී ඉරානයේ සංචාරයක ද නිරත විය.
මෙම හමුව අද දේශීය වේලාවෙන් පෙරවරු 10.00ට (ග්‍රිල්විච් වේලාවෙන් 14:00ට) ආරම්භ වීමට නියමිතය.















