දකුණු ඉරාන ප්‍රදේශවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාර මාලාවකින් ඉරාන හමුදාවේ සාමාජිකයින් අට දෙනෙකු මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස ඉරාන ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට අයත් සාමාජිකයින් බව රොයිටර් පුවත් සේවය තහවුරු කරයි.
මෙම ප්‍රහාර බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ බුෂෙහ්ර් (Bushehr) යන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇති බව වාර්තා වේ. අමෙරිකාව සහ ඉරානය අතර උද්ගත වී ඇති මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක බොරතෙල් මිලෙහිද මේ වන විට දැඩි බලපෑමක් ඇති වී තිබේ.














