හෝමූස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා 3කට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකාව එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවකින් ඉරාන ගුවන් හා නාවික හමුදා සෙබළුන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බන්ඩාර් අබ්බාස් සහ බුෂෙහර් ප්‍රදේශවලදී මෙම ප්‍රහාර එල්ල වී ඇති බව ඉරානය තහවුරු කරයි. මේ අතර, ඉරානය සමඟ පැවැති සටන් විරාමය “අහවර බව” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල නැවත වතාවක් අමෙරිකානු ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබේ.
















