ඉරානයේ හෝමෝස්ගාන්ප්රාන්තයේ බන්දර් අබ්බාස් නගරයේ පිහිටි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධාන කඳවුරු දෙකක් වන සාහෙබ් අල්-සාමන් සහ ෂහීඩ් බහොනාර්කඳවුරු ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා ප්‍රබල ප්‍රහාර එල්ල කර ඇත.
එම ප්‍රදේශයෙන් අවම වශයෙන් දැවැන්ත පිපිරීම් 8ක ශබ්ද ඇසී ඇති අතර, ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානාවල සුපර්සොනික් ශබ්දද ප්‍රදේශය පුරා වාර්තා වී තිබේ.
හෝමූස් සමුද්‍රසන්ධිය ආසන්නයේ පිහිටි මෙම නාවික හා හමුදාමය කේන්ද්‍රස්ථානයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය, ඉරාන හමුදාවන්හි කලාපීය නාවික බලපෑම අකර්මන්‍ය කිරීම සඳහා ඇමෙරිකානු මධ්‍යම බලකාය දියත් කරන ලද දැවැන්ත මෙහෙයුම් මාලාවේ තවත් අදියරකි.














