ඇමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් මිසයිල එල්ල කිරීම සඳහා සක්‍රිය කර තිබූ ඉරානයේ බටහිර කලාපීය ප්‍රධාන හමුදාමය මධ්‍යස්ථාන දෙකක් වන ලොරෙස්තාන්සහ කර්මන්ෂා යන ප්‍රදේශ වෙත ඇමෙරිකානු බලකායන් විසින් දැවැන්ත ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව Mario Nawfal සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරයි.
අද රාත්‍රියේ ඇමෙරිකානු හමුදා කඳවුරු සහ නාවික ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කර තිබූ ප්‍රධානතම මිසයිල දියත් කිරීමේ ස්ථා දෙකක් ලෙස මෙම ප්‍රදේශ හඳුනාගෙන තිබූ අතර, එම ඉලක්කයන් මුළුමනින්ම අකර්මන්‍ය කිරීම උදෙසා මෙම ප්රහාරයන් එල්ල කර ඇත.
ඉරානයේ බටහිර අභ්‍යන්තරයේ පිහිටි මෙම ප්‍රධාන ආරක්ෂක සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල වීමත් සමඟ ඇමෙරිකානු මෙහෙයුම් ඉරාන වෙරළබඩ තීරයෙන් ඔබ්බට එරට අභ්‍යන්තර හමුදාමය යටිතල පහසුකම් දක්වා තවදුරටත් පුළුල් වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














