ඇමෙරිකා එක්සත් ජනපද ශ්රේෂ්ඨාධිකරණය, ඇතැම් පිටුවහල් කිරීමේ නඩු තාවකාලිකව අත්හිටුවීමට ආගමන විනිසුරුවරුන්ට තිබූ බලය යළි ස්ථාපිත කරන ලෙස ඉදිරිපත් කළ හදිසි ඉල්ලීමක් ප්රතික්ෂේප කර තිබේ.
මෙම තීරණයත් සමඟ, ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනය සහ රිපබ්ලිකන් පක්ෂය පාලනය කරන ටෙක්සාස් ප්රාන්තය අතර ඇතිකරගත් එකඟතාව අත්හිටුවීමකින් තොරව ක්රියාත්මකව පවතී.
ආගමන විනිසුරුවරුන්ට ඇතැම් පිටුවහල් කිරීමේ නඩු තාවකාලිකව සක්රීය නඩු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඉඩ සලසා තිබූ මෙම ක්රමය “Administrative Closure” ලෙස හැඳින්වේ. එමඟින් නඩුවක් අවසන් කිරීමක් හෝ පුද්ගලයකුට ස්ථිර නීත්යනුකූල පදිංචි තත්ත්වයක් ලබාදීමක් සිදු නොවේ.
බැල්ටිමෝර්, කොලම්බස් සහ නිව් හේවන් නගර ඇතුළු පාර්ශ්ව කිහිපයක් සහ සංක්රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින නීති ආයතනයක් මෙම ක්රමය අහෝසි කිරීමේ තීරණයට එරෙහිව අධිකරණයෙන් සහනයක් ඉල්ලා තිබිණි.
2024 වසරේදී හඳුන්වා දුන් නීතිමය විධිවිධානයක් අවලංගු කිරීමට ටෙක්සාස් ප්රාන්තය සහ ෆෙඩරල් රජය අතර ඇතිකරගත් එකඟතාව නීතිමය ක්රියාවලිය නිසි ලෙස අනුගමනය නොකර සිදුකර ඇති බව එම පාර්ශ්ව චෝදනා කරයි.
ශ්රේෂ්ඨාධිකරණය සිය තීරණය කෙටි නියෝගයක් මඟින් ප්රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා හේතු පැහැදිලි කර නොමැත. මෙම තීරණය මඟින් අදාළ නීතිමය ආරවුල පිළිබඳ අවසන් තීන්දුවක් ලබාදී නොමැති අතර, නඩු කටයුතු ඉදිරියටත් ක්රියාත්මක වේ.
















