අප්‍රිකානු කලාපීය රටවල් කිහිපයක ඉබෝලා වෛරස් රෝගය (EVD) වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවීමත් සමඟ, එක්සත් ජනපද (ඇමරිකා) රජය එරටට ඇතුළු වන සංක්‍රමණිකයන් සහ විදේශීය සංචාරකයන් සඳහා වන සීමා කිරීම් තාවකාලිකව දැඩි කිරීමට පියවර ගෙන තිබේ. මිනිසුන්ට මෙන්ම සතුන්ට ද මාරාන්තික විය හැකි මෙම භයානක වෛරසය මේ වන විට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය වැනි අප්‍රිකානු රටවල ශීඝ්‍රයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිල වශයෙන් තහවුරු කර ඇත.
නව සංක්‍රමණ නීති සහ සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසිවලට අනුව, ඇමරිකාව බලා පැමිණීමට පෙර ගතවූ දින 21 ක කාලය තුළ (ඉබෝලා වෛරසයේ උපරිම බීජෞෂණ කාලය) අදාළ ඉහළ අවදානම් සහිත අප්‍රිකානු රටවල සංචාරය කර ඇති හෝ එහි රැඳී සිටි ඕනෑම පුද්ගලයෙකු විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවන්ට සහ දැඩි නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට නියමිතය. ගෝලීය වශයෙන් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සහ ඇමරිකානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, මේ හේතුවෙන් ඉදිරි කාලය තුළ අප්‍රිකානු කලාපයේ සිට ඇමරිකාව බලා යාමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගීන්ට දැඩි සංචාරක සීමාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත.














