ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘USS George HW Bush’ නැමති දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාව මැදපෙරදිග කලාපයට ආසන්න වෙමින් පවතින බවත්, එය මේ වන විට ඇමෙරිකානු මධ්‍යම අණසක (US Central Command) බල ප්‍රදේශයට ඇතුළු වී ඇති බවත් වාර්තා වේ. නිමිට්ස් පන්තියේ (Nimitz-class) සුපිරි ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන මෙය අද දිනයේ ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මධ්‍යම අණසක විසින් X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබේ.
මෙම නෞකාව දැනට කලාපයේ පවතින අනෙකුත් නෞකා සමඟ එක්වීමට පැමිණියේද නැතහොත් එක් නෞකාවකට පසුව එම ස්ථානය භාර ගැනීමට පැමිණියේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කර නොමැත. කෙසේ වෙතත්, ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන ‘USS Gerald R Ford’ තවදුරටත් රතු මුහුදේ ක්‍රියාත්මක වෙමින් මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු මධ්‍යම අණසක වැඩිදුරටත් සඳහන් කළේය. මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඇමෙරිකාව සිය යුද ශක්තිය මෙලෙස කලාපය තුළ තර කරමින් සිටී.














