මේ දිනවල ඌව පරණගම, ගොම්මල්කන්ද, වැලිමඩ සහ බොරලන්ද යන ප්‍රදේශවල දේශීය පෙයාර්ස් අස්වැන්න නෙළීම ආරම්භ කර තිබුණද, එම අස්වැන්න මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් නොපැමිණීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
තමන් වෙහෙස මහන්සි වී වගා කළ අස්වැන්නට නිසි මිලක් ලබා ගැනීමට හෝ එය අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා මෙලෙස අපහසුතාවයට පත්ව ඇති බව ගොවීන් පවසයි. පසුගිය වසරවලද අස්වැන්න නෙළන කාලසීමාවන්හිදී මෙවැනි තත්ත්වයන් වාර්තා වූ අතර, පෙයාර්ස් වගාව සඳහා ප්‍රසිද්ධ මෙම ප්‍රදේශවල ගොවීන්ට තම ආදායම් මාර්ගය පවත්වාගෙන යාම සඳහා ස්ථිර වෙළෙඳපොළක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.














