• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු 20 – 30 අතර පිරිස් සඳහා වන එන්නත්කරණය ඇරඹේ

2 September 2021
in දේශීය

වයස අවුරුදු 20 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (02) පැවති සාකච්ඡාවකදීය..

කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සඳහා එන්නත් ලබා දීමේදී මෙම වයස් කාණ්ඩයේ පිරිස් සඳහා එන්නත් ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇතැයිද මෙයට අමතරව ඇඟලුම් කර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හි එම වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ද යම් ප්‍රමාණයක් එන්නත්කරණයට ලක් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වයස අවුරුදු 20 -30 අතර තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින අතර කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

එළැඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයිද ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 20 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

ඒ අනුව “ලැබෙන එන්නත හොඳම එන්නත” ලෙසින් හිමිවන කුමන හෝ එන්නතක් කඩිනමින් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.

 

 

Post Views: 20
Previous Post

DFCC -JAT Holdings සමඟ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

Next Post

A/L සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දිර්ඝ කෙරේ

editor

editor

Next Post

A/L සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දිර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved