27 April 2024
#දේශීය

ඩීල් දේශපාලනය තුළ කිසිදාක දූෂණය මර්ධනය කරන්න බෑ – විපක්ෂ නායක

ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්ධනය කිරීම අපහසු බවත් එය මර්ධනය කළ හැක්කේ ඩීල් දේශපාලනය්‍ර්න් තොරව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” පස්වෙනි අදියර ඊයේ (05) ආරම්භ කරමිනි.

සමගි ජන බලවේගය යනු, යාළුකම, හිතවත්කම, නෑදෑකම මත දේශපාලනය කරන ව්‍යාපාරයක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා සිය අරමුණ වන්නේත් ඒකායන ප්‍රතිපත්තිය වන්නේත් දූෂණය අතුගා දැමීම බව පැවසීය.

එහිදී විපක්ෂනායකවරයා මෙසේ අදහස් පල කලේය ” සුප්‍රසිද්ධ දේශපාලන චින්තකයකු වන ඇක්ටන් සාමි වරයා ප්‍රකාශ කරනවා අසීමිත බලය අසීමිත දූෂණයට මඟපාදයි කියන කාරණය. සමගි ජන බලවේගයේ ප්‍රධාන තේමාව දූෂණය ට විරුද්ධව පිළිවෙලවල් මෙහෙයවීමයි. දූෂණය, රාජ්‍ය මංකොල්ලය, වංචාව තියෙන තැන රටවල් ගොඩනැඟෙන්නේ නැහැ. අපේ රටටත් අද ඒ ඉරණම අත් පත් වෙලා තියෙනවා. එහෙම රටකට ඉදිරියට යන්න බෑ. මේවාට දඬුවම් ලබා දිය යුතුයි. ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්දනය කරන්න බෑ. දූෂණය , අල්ලස ,හොරකම යන ඒවායින් සෞඛ්‍යයට අධ්‍යාපනයට වෙන් කරන මුදල් මංකොල්ලකන යුගයක් නිර්මණය වෙලා තියෙනවා. සිරගතව සිටින රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරා ඩීල් දේශපාලනයේ පල විපාක. ඒ අය ඔක්කොම යාළුවෝ මල්ලි. මේක තමයි වර්තමාන දේශපාලනයේ යථාර්ථය. සමගි ජනබලවේගයෙ යාළුකම, හිතවත්කම, නෑදෑකම් මත දේශපාලනය කරපු සංස්කෘතිය අතුගා දමනවා” යැයිද ඒ මහතා කීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *