සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේදී පන්දු 19කින් ලකුණු 50ක් රැස් කරමින්, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක අර්ධ ශතකයක් වාර්තා කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි වාර්තා පොත් අතරට එක්වී තිබේ.
තවමත් 15 වන වියේ පසු වන සූර්යවංශි මෙම සුපිරි ඉනිම ක්‍රීඩා කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.














