ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වේගවත්ම ශතකයේ වාර්තාව බිඳ දැමීමට ලකුණු 3ක් පමණක් තිබියදී සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශි අවාසනාවන්ත ලෙස දැවී ගොස් තිබේ.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තීරණාත්මක තරගයේදී ක්‍රිකට් ලෝලීන් මවිතයට පත් කළ සූර්යවංශි, ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 29කදී පමණක් ලකුණු 97ක් රැස් කිරීමට සමත් විය. ක්‍රිකට් විචාරකයින් පවසන්නේ මෙය අයි.පී.එල් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ සුපිරිම සහ වේගවත්ම ඉනිමක අත්දැකීමක් වන බවයි.
මෙම ප්‍රහාරාත්මක ඉනිමත් සමඟ අයි.පී.එල් තරගාවලිය තුළ වැඩිම හයේ පහරවල් එල්ල කරමින් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් සතුකරගෙන සිටි ඓතිහාසික වාර්තාවක් ද අලුත් කිරීමට සූර්යවංශි සමත් විය. අයි.පී.එල් ඉතිහාසය නැවත ලියූ සූර්යවංශි, මේ වන විට ක්‍රිකට් ලෝලීන් සහ මාධ්‍ය විසින් අයි.පී.එල් පිටියේ නවතම “හයේ පහරවල්වල රජු” (The New Six King of IPL) ලෙස ද හඳුන්වනු ලබයි.













