ආසියා-පැසිෆික් කලාපීය වෙළඳ දැන්වීම්, අලෙවිකරණ සහ සන්නිවේදන ක්ෂේත්රය වෙනුවෙන් සිදුකරන ලද කැපී පෙනෙන දායකත්වය අගයමින් පිරිනමනු ලබන “2026 ආසියා-පැසිෆික් ව්යාපාරයේ නැරඹිය යුතු කාන්තාවන්” (Asia-Pacific Women to Watch) ලැයිස්තුවට ශ්රී ලංකාවේ BBDO සමූහ ව්යාපාරයේ සහකාර උප සභාපතිනිය සහ සේවාදායක සේවා අධ්යක්ෂිකා වජිනී මහානාම මහත්මිය තේරී පත්වී තිබේ. 14 වන වරටත් සංවිධානය කෙරුණු මෙම කලාපීය ඇගයීම් වැඩසටහනේදී කලාපයේ රටවල් 12ක් නියෝජනය කරමින් විශිෂ්ටතම කාන්තාවන් 25 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ශ්රී ලාංකේය වෘත්තිකයෙකු මෙලෙස ජාත්යන්තර මට්ටමින් ඇගයීමට ලක්වීම දේශීය නිර්මාණශීලී සන්නිවේදන ක්ෂේත්රයේ ප්රබල ජයග්රහණයක් ලෙස සැලකේ.
වසර 15කට අධික දීර්ඝ පළපුරුද්දක් සහිත වජිනී මහානාම මහත්මිය, ව්යාපාරික වර්ධනය උදෙසා ප්රධාන පෙළේ සේවාදායක කළඹ මෙහෙයවමින් සහ සාමාජීය වශයෙන් දැවැන්ත බලපෑමක් ඇති කළ සන්නාම ව්යාපාර රැසක් නිර්මාණය කරමින් දැක්වූ කුසලතාව මෙම ජාත්යන්තර ජයග්රහණයට පදනම් වී ඇත. විශේෂයෙන්ම ‘ඊවා’ සනීපාරක්ෂක තුවා සහ ‘ඇට්ලස් සිප්සාවි’ ශිෂ්යත්ව වැඩසටහන වැනි ප්රමුඛ සන්නාම හරහා සමාජ දැනුවත්භාවය හා ගුණාත්මක හැසිරීම් වෙනස්කම් ඇති කිරීමට ඇය ප්රමුඛත්වය දුන් අතර, මීට පෙර ඉන්දියාවේ ටයිම්ස් වුමන් මගින් සංවිධානය කළ කාන්තා අයිකන සම්මාන උළෙලේදී ද සම්මාන ලැබූ එකම ශ්රී ලාංකිකයා බවට පත්වෙමින් වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ ශ්රී ලාංකේය නාමය ගෝලීය තලයට ගෙන යාමට ඇය සමත්වූවාය.
මෙම අතිවිශිෂ්ට ජාත්යන්තර පිළිගැනීමත් සමඟ ශ්රී ලංකාවේ වෙළඳ දැන්වීම් සහ උපායමාර්ගික සන්නිවේදන ක්ෂේත්රයේ පවතින උසස් ප්රමිතිය සහ නිර්මාණශීලී හැකියාවන් සමස්ත ආසියා-පැසිෆික් කලාපය තුළ තවදුරටත් තහවුරු වී තිබේ. වාණිජමය සාර්ථකත්වය මෙන්ම සමාජීය වගකීම් එක්තැන් කරමින් ව්යාපාරික ක්ෂේත්රය මෙහෙයවීමේ මෙම ආදර්ශමත් ප්රවේශය, ඉදිරියේදී දේශීය නිර්මාණශීලී කර්මාන්තයේ නියෝජනය ඉහළ නැංවීමටත්, ශ්රී ලාංකේය යොවුන් වෘත්තිකයින්ට සහ කාන්තා නායකත්වයට ජාත්යන්තර ජයග්රහණ කරා ගමන් කිරීමටත් ප්රබල උත්තේජනයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.














