• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වජිර කිව්වා රනිල් ලක්ෂ 100 ක් ඡන්ද ගන්නවා කියලා.. ඡන්දයක් තියලා රට හදන්න – විජයපාල හෙට්ටිආරච්චි

5 June 2024
in දේශීය, පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනගා ආර්ථික අර්බුදය අවසන් කර නිවැරදි මාවතකට රට ගෙන ගොස් තිබෙනවානම් බය නැතිව ජනාධිපති මැතිවරණය සහ මහමැතිවරණය පවත්වන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (05) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් විජයපාල හෙට්ටිආරච්චි මහතා, ” වජිර අබේවර්ධනව සහ පාලිත රංගේ බණ්ඩාර පවසනවා ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතුයි කියලා. රට ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කරන්න ඔවුන් කටයුතු කරනවා. ඒ සඳහා විවිධ උප්පරවැට්ටි යොදනවා. රටේ තෙල් පෝලිම් නැති වුණාට , ගෑස් පෝලිම් නැති වුණාට , රටේ ඇතැම් ප්‍රශ්නවලට යම් යම් විසඳුම් ලබාදුන්නාට ජනතාවට එදා වේල කන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. වජිර අබේවර්ධන පැවසුවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලක්ෂ 100 ක් ඡන්ද ගන්නවා කියලා. ජනාධිපතිවරයා රට ගොඩනගලා තිබෙනවානම් ,ආර්ථිකයත් ශක්තිමත් කරලා තිබෙනවානම් කරුණාකරලා ජනාධිපති මැතිවරණය පවත්වන්න. මැතිවරණය පවත්වලා ජයගෙන ආණ්ඩුවක් නිර්මාණය කරලා රට ගොඩනගන්න. එහෙම කරන්නේ නැතිව ආණ්ඩුව කියනවා රටේ ඇතිවුණ ව්‍යවසනයන් නිසා රට ගොඩනගන්න තව අවුරුදු දෙකක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදිය යුතුයි කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ශක්තිමත් කරලා තිබෙනවානම් වහාම ණය ගෙවන්න. නමුත් ජනාධිපතිවරයා කියනවා ණය ගෙවන්නේ නෑ කියලා. ජනාධිපතිවරයා රට ගොඩනැගුවානම් , රටේ ආර්ථිකය ශක්තිමත් කළානම් අද තිබෙන තත්ත්වයට රට පත්වෙන්නේ නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි බව කියමින් ආණ්ඩුවේ ගජමිතුරන්ට විවිධ වරප්‍රසාද ලබාදෙන්න , රටේ සම්පත් , දේපළ විදේශිය සමාගම් වලට විකිණිම තමයි සිදුකරන්නේ.මේ ආකාරයට කටයුතු කරන්න සමගි ජනබලවේගය කිසිසේත් ආණ්ඩුවට ඉඩ ලබාදෙන්නේ නෑ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩනැගුවානම් පහුගිය අවුරුදු දෙකට අඩුම තරමේ එක ඩොලර් එකක් හොයන්න නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරලා නෑ. ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට රටේ ජනමතයක් නෑ. ජනමතයක් නොමැතිවර තමයි ආණ්ඩුව සහ ජනාධිපතිවරයා රැඳි සිටින්නේ. ඒ නිසා ඉදිරියේ එන ජනාධිපතිවරණයෙන් ජනාධිපතියරයා සහ ආණ්ඩුව පන්නා දමා රටේ ජනතාව ගොඩගැනීමට හැකි වැඩපිළිවෙළක් තුළ ජනතා පරමාධිපත්‍යයෙන් පත්වන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කටයුතු කරන්න ඉඩ ලබාදිය යුතු යැයි විජයපාල හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 18,683
Previous Post

යෝජිත විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

Next Post

ලෝක පරිසර දිනයට පැණි වරකා පැළ 1500 ක් රට පුරා සිටුවීමේ වැඩසටහනක්

editor ttvnews

editor ttvnews

Next Post
ලෝක පරිසර දිනයට පැණි වරකා පැළ 1500 ක් රට පුරා සිටුවීමේ වැඩසටහනක්

ලෝක පරිසර දිනයට පැණි වරකා පැළ 1500 ක් රට පුරා සිටුවීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved