විද්‍යුත් සිගරට් (E-cigarettes) සහ වැපින් (Vaping) වැනි මාරාන්තික නිෂ්පාදන “හානිය අවම කරන නිකොටින් නිෂ්පාදන” (Tobacco Harm Reduction – THR) ලෙස ව්‍යාජ ලෙස හුවාදක්වමින්, ඒවා තහනම් කිරීම මහජන සෞඛ්‍යයට බාධාවක් බව පෙන්වීමට දුම්කොළ සමාගම්වල අනුග්‍රහය ලබන විවිධ පාර්ශ්වයන් දියත් කර ඇති සූක්ෂ්ම වෙළඳ උපක්‍රමවල සැබෑ නිරුවත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් නිල විද්‍යාත්මක දත්ත සහ සංඛ්‍යාලේඛන සහිතව මුළුමනින්ම හෙළිදරව් කර තිබේ. දුම්කොළ විරෝධී සංවිධාන පෙන්වා දෙන්නේ මැන්චෙස්ටර් සරසවියේ හිටපු මහාචාර්ය ඩේවිඩ් නට් වැනි පුද්ගලයන් ඉදිරිපත් කරන “විද්‍යුත් සිගරට් සාමාන්‍ය සිගරට්වලට වඩා 95%ක් ආරක්ෂිතයි” යන මතය කිසිදු ස්වාධීන විද්‍යාත්මක පදනමක් නොමැති, දුම්කොළ සමාගම්වල දූෂිත අරමුදල් මත ලියැවුණු ව්‍යාජ මතවාදයක් (Fake News) පමණක් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තාවලට අනුව, විද්‍යුත් සිගරට්වල අඩංගු විෂ රසායනික ද්‍රව්‍ය මඟින් පෙනහළුවලට දරුණු ලෙස හානි සිදුවන බවත් (EVALI රෝගී තත්ත්වය), ඒවා සාමාන්‍ය සිගරට්වලට වඩා ආරක්ෂිත බව පැවසීමට කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් නිල වශයෙන් තහවුරු කර ඇත.
මත්ද්‍රව්‍ය හා දුම්කොළ තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පෙන්වා දෙන්නේ, මෙම නවීන මෙවලම් නීත්‍යානුකූල කිරීම හරහා රජයට විශාල බදු ආදායම් ලැබෙන බවට සහ නීති විරෝධී වෙළඳපොළ පාලනය කළ හැකි බවට සිගරට් සමාගම් පවසන කතා සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රචාරයන් බවයි. ගෝලීය දත්ත සනාථ කරන්නේ විද්‍යුත් සිගරට් නීත්‍යානුකූල කළ රටවල් බොහොමයක, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර එහි භාවිතය 300%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. ඉන් පසුව එම දරුවන්ගෙන් බහුතරය සාමාන්‍ය සිගරට් භාවිතයට ද දරුණු ලෙස ඇබ්බැහි වන “දොරටු බලපෑමට” (Gateway Effect) හසු වී ඇති බව පර්යේෂණ මඟින් තහවුරු වේ.
ශ්‍රී ලංකාව තුළ දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට අහිංසක මිනිස් ජීවිත 20,000කට අධික පිරිසක් අකාලයේ මිය යන අතර, ඒ නිසා රජයට සහ මෙරට පොදු ජනතාවට දැරීමට සිදුවන සමස්ත සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 214කට (රුපියල් කෝටි 21,400කට) අධිකය. මීට සමගාමීව, වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය පෙන්වා දෙන පරිදි රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට් බදු (VAT) වැඩි කරද්දී සිගරට් මිලෙහි අඩංගු බදු ප්‍රතිශතය 75% ජාත්‍යන්තර මට්ටමේ සිට 66.8% දක්වා සූක්ෂ්ම ලෙස පහත වැටීමට ඉඩහැරීම හරහා මේ වසරේදී පමණක් රජයට අහිමි කර ඇති රුපියල් කෝටි 1,730ක මහා ධනස්කන්ධය වහාම භාණ්ඩාගාරයට පවරා ගත යුතුව ඇත. එබැවින් සිගරට් සමාගම්වල මෙවැනි ව්‍යාජ වාර්තාවලට හෝ ඉන්ෆ්ලුවෙන්සර්වරුන්ගේ ප්‍රචාරවලට නොරැවටී, මෙරට දූ දරුවන්ගේ ජීවිත සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් දැනට ලංකාවේ ක්‍රියාත්මක වන විද්‍යුත් සිගරට් තහනම තවදුරටත් දැඩි ලෙස බලාත්මක කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ රජයෙන් සෘජුවම අවධාරණය කර සිටිති.
















