වවුනියාව, මහමයිලන්කුලම ප්‍රදේශයේදී ධනවත් ව්‍යාපාරික කාන්තාවක අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කර රුපියල් මිලියන 13.8කට අධික දේපළ සහ මුදල් කොල්ලකා ඇත. මෙම අපරාධය සැලසුම් කර ඇත්තේ වින්දිත ව්‍යාපාරික කාන්තාවගේම පුත්‍රයා විසින් වීම සමාජයම දැඩි කම්පනයකට පත් කර තිබේ.
මව විසින් පුතුගේ පහසුව වෙනුවෙන් මිලදී දී තිබූ මෝටර් රථයම අපරාධකරුවන් ප්‍රවාහනය කිරීමට සහ ඔත්තු බැලීමට යොදාගෙන ඇති අතර, වවුනියාව පොලීසිය විසින් සිදු කරන ලද පුළුල් විමර්ශනවලදී මාතලේ, ගලෙන්බිඳුණුවැව සහ මින්නේරිය යන ප්‍රදේශවල සැඟවී සිටි ප්‍රධාන සැකකරුවන් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලකන ලද මැණික් තොගයක්, රන් ආභරණ සහ මුදල් ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














