උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව, වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දැරූ සියලු ධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇත.
මෙම නියෝගයත් සමඟ වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීබන් මහතාට සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ඥානප්‍රගාසම් කිෂෝර් මහතාට ඔවුන්ගේ ධුරයන් මෙන්ම නගර සභා සභික (මන්ත්‍රී) ධුරයන් ද වහාම ක්‍රියාත්මක වන පරිදි අහිමි වී තිබේ.
















