උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් වවුනියාව නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය වවුනියාව මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ.මෙම අත්හිටුවීමේ නියෝගය ජූලි 15 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.