පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත 2026 සැප්තැම්බර් 30 වැනිදා දහවල් වැල්ලම්පිටිය පොලිස් වසමේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබේ.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 14ක් සහ හෙරොයින් ග්‍රෑම් 14ක් සමඟ 30 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















