පොසොන් උත්සවය නිමිත්තෙන් ඉතාලියේ වෙරෝනා හි පිහිටි අවන්හල් භූමියක ඉකුත් 28 සහ 29 යන දෙදින තුළ උත්කර්ෂවත් ලෙස පොසොන් කලාපයක් සංවිධානය කර තිබිණි. භක්ති ගීත, නැටුම් සහ දුන්තෙල් බත් දන්සලකින් සමන්විත මෙම පොසොන් කලාපය, ලයිට් හවුස් (light house) ආයතනයේ අධිපති දිනේෂ් පතිරාජ මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වුණු අතර, රංග ජයසිංහ මහතා විසින් එහි මිහින්තලා අනුරුව නිර්මාණය කර තිබුණි. වෙරෝනා හි පැවැති දන්සලක් හෝ උත්සවයක් සඳහා වාර්තා වූ වැඩිම ශ්‍රී ලාංකික ජනතාව සංඛ්‍යාව මෙහිදී වාර්තා වූ අතර, එම පිරිස 5,000 ඉක්මවා ගිය බව සංවිධායක මණ්ඩලය පවසයි.















