හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ, හැටන් ෂැනන් ප්‍රදේශයේදී කඳුකර කොටි පැටවෙකු වාහනයක ගැටී මියගොස් තිබේ. මවගෙන් වෙන්වූ කොටි පැටවා පාර මාරු වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක කෙරෙන බව හැටන් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.















