වියට්ජෙට් එයාර් (Vietjet Air) අඩු වියදම් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ වියට්ජෙට් අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එහි මංගල ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ළඟා විය.
හොචි මිං නගරයේ සිට මගීන් 169 දෙනෙකු රැගත් වියට්ජෙට් හි පළමු ගුවන් යානය වන VJ-1875 ගුවන් යානය රාත්‍රී 9:33 ට කටුනායකට ළඟා වූ අතර, එම මංගල ගුවන් යානය ශ්‍රී ලංකා ජාතිකයන් දෙදෙනෙකු වන කපිතාන් තිවංක සිල්වා සහ ප්‍රථම නිලධාරී රන්දීර් පෙරერා විසින් මෙහෙයවීම විශේෂත්වයකි. ආපසු ගමන් කිරීමේදී මගීන් 171 දෙනෙකු රැගත් මෙම යානය හොචි මිං නගරය වෙත පිටත්ව ගියේය.
මෙම සෘජු ගුවන් සේවය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සතියකට තස් වරක් කොළඹ සහ හොචි මිං නගරය අතර ක්‍රියාත්මක කිරීමට නියමිතය. මංගල ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වීමත් සමඟ ජල ප්රණාම ආචාරයකින් (Water Salute) ද පිළිගනු ලැබීය.














