වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා හෙට (07) සහ අනිද්දා (08) දෙදින මෙරට සිදුකරන නිල සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.
හෙට (07) රාත්‍රී කාලයේ ප්‍රභූවරයා කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ බලා පැමිණෙන අවස්ථාවේදී කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය, ඔරුගොඩවත්ත හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්. සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය සහ යෝර්ක් වීදිය යන මාර්ගවල ගමනාගමනය සීමා වීමට නියමිතය.
මෙම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, සිදුවන අපහසුතාව මඟහරවා ගැනීමට කල්වේලා ඇතිව ගමන් සැලසුම් කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.














