කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ වෙළඳාම් කටයුතුවල නිරත වෙමින් සිටි කාන්තාවකට තියුණු තලයකින් කපා බරපතල තුවාල සිදුකළ බව කියන සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකරු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමෙන් සැකකරු විසින් මෙම කාන්තාවට තියුණු තලයකින් පහර දී ඇති බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම පහරදීම හේතුවෙන් උද්‍යානයේ වෙළඳාමේ නිරතව සිටි කාන්තාව බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කර ඇත.














