30 April 2024
#දේශීය #පුවත්

විජයදාස නිදහස් පක්ෂයෙන් ජනාධීපතිවරණයට !

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරීපත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පසුගිය දිනවලදී ඔහු මාධ්‍ය වෙත පවසා සිටියේද තමාට නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට යෝජනාවක් පවා ලැබුණු බවයි.

නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සපයන්නෙක් විසින් අප වෙත පවසා සිටියේ මේ වන විට නිදහස් පක්ෂයේ ආණ්ඩු බලයක් ලබා ගැනීමටනම් විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කල යුතු බවයි.

එමෙන්ම ඔහුට ඇති දැනුම හා රාජ්‍ය කලමණාකාරිත්වය කිරීමේ හැකියාව තුලින් ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තරයේ සාකච්ඡා කර තිබෙන බවයි.

කෙසේ වෙතත් විජයදාස රාජපක්ෂව මේ වන විට නිදහස් පක්ෂයේ විශේෂ අවස්ථාවලට ගෙන්වනු දක්නට ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *