පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අහිංසක සිවිල් වැසියන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුවද, එම ප්‍රහාරවලින් කිසිදු පූජකවරයෙකුට හානියක් සිදුවී නොමැති බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන පැවැත්වීමට කිසිවෙකු විරුද්ධ නොවන බවත්, තම විරුද්ධත්වය පවතින්නේ එම විමර්ශන ක්‍රියාත්මක කරන ඇතැම් “ම්ලේච්ඡ” ආකාරයන්ට බවත් ඒ මහතා අවධාරණය කරයි.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ චෝදනා එල්ල වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පිළිබඳව අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය:
සුරේෂ් සලේ මහතා තමන්ට චෝදනා එල්ල කරන පූජකවරුන්ට වඩා මේ රට වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ නිලධාරියෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සඳහා සුරේෂ් සලේ වැනි නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරු අතිශය තීරණාත්මක විය.
තමන් කිසිවිටෙකත් සුරේෂ් සලේ මහතා වරදක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස පවසන්නේ නැති බවත්, කෙසේ වෙතත් සිදුවන ඇතැම් ක්‍රියාපිළිවෙත් සම්බන්ධයෙන් තමාට ගැටලු පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
















