ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරීම නිමිත්තෙන් අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය ආරම්භ කරමින් අමාත්‍යවරයා බෙලරුස් හි විජයග්‍රාහී චතුරස්‍රයේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට එක් වූ අතර, එය එරට ජාතික වැදගත්කමකින් යුත් සුවිශේෂී සංකේතයක් ලෙස සැලකේ.
සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සින් රයිසෙන්කොව් මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. එහිදී දෙරට අතර දේශපාලන, ආර්ථික, අධ්‍යාපන සහ සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබේ.














