• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

vivo සමාගම ශ්‍රී ලංකාව තුළ සිය තෙවන සංවත්සරය සමරයි

7 November 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන vivo සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය 3 වන සංවත්සරය සමරයි.

vivo දේශීය වෙළෙඳපොළට ඇතුළු වූ දා සිට පාරිභෝගික කේන්ද්‍රීය අවශ්‍යතාවන් අනුව සිය තාක්ෂණික නිර්මාණ සිදු කිරීම අරමුණු කර ගෙන ඇත. එසේම ගෝලීය වශයෙන් උසස්ම තාක්ෂණය සහ උසස්ම තාක්ෂණික විසඳුම් ලබා දෙමින් පාරිභෝගික තෘප්තිය උපරිමයකට ගෙන ඒමට ද vivo සමත්ව තිබේ.මිල ගණන් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන vivo සමාගම ‘more local, more global’ සංකල්පය මත පිහිටා සෑම කෙනෙකුටම සරිලන පරිදි වියදමට සරිලන හොඳම ස්මාර්ට් ජංගම දුරකථනයක් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට සෑම විටම කටයතු කරයි.

vivo නිරන්තරයෙන්ම පාරිභෝගික අවශ්‍යතා සහ අභිලාෂයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා වෙළඳපල පර්යේෂණයන් සිදු කරන අතර විකුණුම් හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරයි. තරුණ පරම්පරාව අතර තාක්ෂණික සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තෘප්තිය සහතික කිරීම උදෙසා vivo සිය සුවිශේෂී සේවා මධ්‍යස්ථාන දෙකක් සහ 1200කට අධික වෙළඳ මධ්‍යස්ථාන ජාලයක් මෙරට පවත්වාගෙන යනු ලබයි.

vivo තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් youth-centric සන්නාමයක් ලෙස ස්ථානගත වී ඇත. එය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ දිනෙන් දින නව්‍යකරණය වන ජීවන රටාවන්ට සහ මිලදී ගැනීමේ හැකියාවන්ට අනුව best-in-class camera features, gaming experience සහ battery life කෙරෙහි අවධානය යොමු කරමින් නවතම ස්මාර්ට් ජංගම දුරකථන හඳුන්වා දේ. ඒ අනුව vivo මේ වසරේදී Y සහ S කාණ්ඩ යටතේ විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් ජංගම දුරකථන හඳුන්වා දෙන ලදී. එසේම V19 සහ V20 යන ප‍්‍රමුඛතම නිෂ්පාදනද සාර්ථකව හඳුන්වා දෙනු ලැබුණි.

vivo හි සිය ශක්තිමත් ඉදිරි දැක්මත් සමග ගෝලීය වශයෙන් 5G ක්ෂේත්‍රයේ සුවිශේෂී ගෞරවයක් හිමිකරගෙන තිබේ. 5G සහ Artificial Intelligence (AI) වල විශිෂ්ට සංයෝජනයක් vivo වෙතින් ගෙන එයි. අනාගත තාක්ෂණික පියවරක් වන 5G සහ 5G කාවැද්දූ ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ඉදිරියේදී පාරිභෝගිකයින්ගේ වැඩි නැඹුරුවක් ඇති වනු ඇත. එහිදී 5G භාවිත කළ හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක් වන IQOO Pro 5G, Vivo හි සහෝදර සමාගම විසින් දියත් කරන ලද්දේ පරිශීලකයින් මේ පිළිබඳව උද්දාමයට පත් කරවමිණි. 5G තාක්‍ෂණය සිය ස්මාර්ට් නිෂ්පාදන සඳහා පූර්ණ ලෙස යොදා ගැනීමට vivo SL සූදානම් වන අතර 5G කාවැද්දූ ස්මාර්ට්ෆෝන් හෝ ‘Intelligent Phones’ වැඩි දියුණු කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.

පසුගිය අගෝස්තු මාසයේදී vivo අලුත් නවාතැනකට පිවිසි අතර එහිදී ශ්‍රී ලංකාව තුළ vivo හි සුවිශේෂී වර්ධනය පිළිබඳ බෙහෙවින් කතා බහට ලක් විය.

vivo සිය සේවකයින්, බෙදාහරින්නන්, අලෙවිකරුවන්, හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන්ගේ ප්‍රධාන සහාය ඇතිව බොහෝ දුරක් පැමිණ ඇත. එය සියළුම පාර්ශවකරුවන්ගේ විශ්වාසය තහවුරු කර ඇති අතර වසර ගණනාවක් තිස්සේ වෙළඳ නාමය තෝරාගෙන ඒ සමඟ කටයුතු කල සැමට බෙහෙවින්ම ස්තූතිවන්ත වේ. vivo සන්නාමය Abans (ශ්‍රී ලංකාවේ ජාතික බෙදාහරින්නා), Dialog Axiata සහ Singhagiri (ශ්‍රී ලංකාවේ ආයතනික හවුල්කරුවන්) සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති අතර මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව ඔවුන්ට සිය ස්තුතිය පුද කර සිටී. එමෙන්ම vivo අඛණ්ඩව උසස් තාක්‍ෂණික අත්දැකීම් පිරිනමමින් පාරිභෝගිකයින් සඳහා ඉහළ ප්‍රගතිශීලී පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇත.

තාක්‍ෂණය මගින් මිනිසුන්ගේ ජීවිත පොහොසත් කර එකිනෙකාට සමීප කළ යුතු බව විවෝ වෙළඳ නාමය නිරතුරුවම විශ්වාස කරයි. vivo සිය 420 අධික මෙරට කාර්ය මණ්ඩලය සහ 1200කට අධික වෙළඳ මධ්‍යස්ථාන එකම ජාලයක් ලෙස කටයතු කරමින් පාරිභෝගිකයින්ට මග පෙන්වීමට සහ ඔවුන් තාක්ෂණිකව සවිබල ගැන්වීම පිළිබඳ හැඟීමක් ඇති කළහ.

2020 වසර ශ්‍රී ලංකාව තුළ vivo සුවිශේෂී ජයග්‍රහණ රැසක් සපුරා ඇති වසරකි. 2020 මාර්තු මාසයේදී, vivo ශ්‍රී ලංකාවේ සිය දෙවන සේවා මධ්‍යස්ථානය ගාල්ලෙහි පිහිටුවන ලද්දේ තදාසන්න පාරිභෝගිකයින්ට අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දීම සඳහාය. vivo ශ්‍රී ලංකා සමාගමද COVID-19 වසංගතය සමනය කිරීමට උත්සාහ කරන රජයේ ‘Restart Sri Lanka’ වැඩසටහනේ කොටසක් බවට පත්වෙමින් සෞඛ්‍යාරක්‍ෂක ක්‍ෂේත්‍රයට සහ COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමට දැඩි ලෙස කටයුතු කරන සේවකයින්ට සහය දැක්වීම සඳහා සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ #vivocares හි කොටසක් ලෙස රුපියල් මිලියනයක වටිනාකමින් යුත් සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකාව තාක්‍ෂණික දියුණුව සමඟ සමීපව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින රටක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව සාර්ථකත්වයේ උපරිමය අපේක්ෂා කරන පුද්ගලයන්ගේ අභිවෘද්ධිය සඳහා තාක්‍ෂණය සහ එහි භාවිතය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සඳහා සෑම නිවසකටම ළඟාවීමට හැකිවන පරිදි සිය වෙළඳපල පුළුල් කිරීමට vivo කැපවී සිටී. පාරිභෝගික කේන්ද්‍රීය ‘සැලසුම්’ සහ ‘නවෝත්පාදනයන්’ හි මූලික සාරධර්මවලට අනුකූලව සහ එහි BENFEN දර්ශනයට අනුකූලව, නව්‍ය තාක්‍ෂණය හඳුන්වා දීමෙන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තාක්‍ෂණ ලෝකයේ නව ප්‍රවණතා ඇති කරනෙකු වශයෙන් සිය ගනුදෙනුකරුවන්ගේ ජිවිතයට තාක්‍ෂණය හරහා නව්‍ය සුව පහසුව ළගා කරවීම vivo සන්නාමයෙහි මුලික මෙහෙවර වී ඇත. එබැවින් ඉදිරි කාලය තුළ වඩා යහපත් සබදතාවයන් ගොඩනැගීම උදෙසා නවීන තාක්‍ෂණය, හිතකර නවෝත්පාදන සහ සියුම් නිර්මාණාත්මක නිෂ්පාදන හඳුන්වා දීමට vivo කැපවී සිටී.

 

PR Consultant,
Communiqe PR.

 

 

 

Post Views: 3
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9749 දක්වා ඉහලට

Next Post

ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් .. උප ජනාධිපතිනි කමලා හැරිස්

editor

editor

Next Post

ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් .. උප ජනාධිපතිනි කමලා හැරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved