එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ධුරය සඳහා අඛණ්ඩව දෙවන වරටත් වෝල්කර් ටර්ක් (Volker Turk) මහතා තෝරා පත් කර ගෙන තිබේ.
ඒ අනුව, මේ වසරේ ඔක්තෝබර් 11 වන දිනට නිම වීමට තිබූ ඔහුගේ ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ වනු ඇත. මෙම පත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 144 ක පක්ෂග්‍රාහී ඡන්දය හිමි වූ අතර, ඇමරිකාව, ඊශ්‍රායලය, රුසියාව සහ උතුරු කොරියාව ඇතුළු රටවල් 10 ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. තවත් රටවල් 13 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
















