පන්නිපිටිය සහ හිරිපිටිය ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් අයිස්, හෙරොයින් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත්වී තිබේ. සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘තනූජ සමත්’ නොහොත් ‘හඳයා’ සහ ‘ගොතයා’ විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ‘බෝජා’ සහ ‘ගොතා’ යන අන්වර්ථ නාමවලින් හඳුන්වන එම අපරාධ කල්ලිවල සමීප සාමාජිකයන් වේ. ප්‍රදේශයේ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීමට කටයුතු කරන මෙවැනි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තකි.
















