වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත ධාවන අනතුරකින් 29 හැවිරිදි තරුණ ට්‍රැක්ටර් රියදුරෙකු ඛේදජනක ලෙස මියගොස් තිබේ. ඊයේ (11) රාත්‍රී කාලයේදී වනාතවිල්ලුව, මයිලන්කුලම පන්සල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇළකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
ට්‍රැක්ටරය පෙරළී යන අවස්ථාවේදී එහි බරැති යකඩ කොටස්වලට යටවීමෙන් රියදුරා සිරුර ඇතුළතින් බරපතල ලෙස තුවාල ලබා තිබුණි. වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් ඔහුව මුදාගෙන පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළ ද, රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව පොලිසිය තහවුරු කළේය. මෙලෙස මියගොස් ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි. රාත්‍රී කාලයේ පවතින අපැහැදිලි ආලෝක තත්ත්වයන් මධ්‍යයේ සිදුවන මෙවැනි අනතුරු පිළිබඳව වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.
















