ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ, නායකත්වයට පත් වීමෙන් පසුව පළමු වරට දඹදිව වන්දනා චාරිකාවක නිරත වීම සඳහා ඊයේ (25) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියහ.
වන්නිලැත්තන් සමඟ ඔහුගේ බාල පුත් ඌරුවරිගේ කළු බණ්ඩියා, ආරක්ෂක නිලධාරියා සහ භාෂා පරිවර්තකවරයා ද මෙම චාරිකාවට එක්ව සිටිති. මීට වසර 20 කට පෙර දඹදිව වන්දනා කර ඇති වන්නිලැත්තන්ට මෙම චාරිකාව සඳහා ආරාධනා කර ඇත්තේ පෞද්ගලික වන්දනා ආයතනයක් විසිනි. වන්දනාමාන කිරීම සඳහා මී පැණි, විලඳ ඇතුළු පූජා භාණ්ඩ රැගෙන ගිය 50 දෙනෙකුගෙන් යුත් මෙම වන්දනා නඩය සැප්තැම්බර් 06 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතය.














