27 April 2024
#ව්‍යාපාර

සහනාධාර පොහොර වැඩි මිලට අලෙවි කරන්නට අනතුරු ඇඟවිමක්

සහනාධාර පොහොර අලෙවි කිරීමේදී පොහොර නියෝජිතයින් විසින් නියමිත මිලට වඩා වැඩි මිලට පොහොර අලෙවි කරන බවට දෛනිකව පැමිණිලි ලැබෙන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

සහනාධාර පොහොර සම්බන්ධව සිදු කරනු ලබන සියලුම වැරදි පොදු දේපල පනත යටතේ දඬුවම් කළ හැකි වැරදි බවයි එම ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම පොහොර වැඩි මිලට අලෙවි කරන අලෙවි නියෝජිතයිනන්ගේ බලපත්‍රය අවලංගු කරන බව ද එම ලේකම් කාර්යාලය සඳහන් කළේය.

වී වගාව හැර වෙනත් වගාවන් සඳහා නිකුත් කරන සහනාධාර පොහොර කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 1000ක් ලෙසත් මිශ්‍ර පොහොර කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 1150ක් ලෙසත් රජය විසින් මිල නියම කර තිබේ.
එසේම යම් පොහොර අලෙවි නියෝජිතයෙකු විසින් නියමිත මිලට වඩා වැඩි මිලට පොහොර අලෙවි කරන්නේ නම් කෘෂිකර්ම අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ 011 340 3931 හෝ 011 340 37 94 දුරකතන අංකවලට පැමිණිලි ඉදිරිපත් කල හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *