අනියම් ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගනිමින් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 27 හැවිරිදි එක්දරු මවක් ඝාතනය වී තිබේ. වටවල පොලීසියට අනුව අද (17) අලුයම වැලිඔය වත්ත ප්‍රදේශයේ පිහිටි ඇයගේ මවගේ නිවසේ නිදි යහනේදී මෙම ඝාතනය සිදු කර ඇත. මියගිය කාන්තාව මීට මාස තුනකට පෙර විදේශගතව සිට පැමිණ ඇති අතර, ඇය වෙනත් තරුණයෙකු සමඟ සම්බන්ධතාවක් පවත්වන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත උරණ වූ සැමියා ඊයේ දින ඇය සමඟ බහින්බස් වී මෙම අපරාධය සිදු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි සැකකාර සැමියා සහ අදාළ අනියම් පෙම්වතා යැයි කියන තරුණයා වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














