27 April 2024
#ව්‍යාපාර

ඩයලොග් ටෙලිවිෂන් සමග කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු T20 ලෝක කුසලාන තරගාවලියම නරඹන්න!

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේ සිංහයන්ගේ ජයග්‍රහණයට සවියක් වීම වෙනුවෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු තරගාවලියම නැරඹීමට අවස්ථාව Dialog Television වෙතින් ලබා දී තිබේ.

ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ලෝක කුසලාන තරගාවලිය ඔස්සේද පන්දුවෙන් පන්දුවට රිසි සේ විඳගැනීමටDialog Television Star Sports 1 (නාලිකා අංක 73) ඔස්සේ සජීවීව, කිසිදු අමතර ගාස්තුවකින් තොරව විකාශය කෙරෙන අතර, එලෙසම සියලුම HD (High Definiton) දසුන් වලින්ද නැරඹීමට ඔබට Star Sports Select 1 HD (Channel 130) චැනලය ඔස්සේ අවස්ථාව සළසා දී ඇත. මෙම නාලිකාව MyDialog App හෝ SMS මගින් ඉතාමත් පහසුවෙන් සක්‍රීය කරගත හැකි අතර, On<හිස්තැනක්> Dialog Television ගිණුම් අංකය <හිස්තැනක්> 130 ලෙස ටයිප් කර 0770 679 679 අංකයට SMS පණිවිඩයක් යොමුකිරීම මගින් හෝ Dialog ජංගම දුරකථනයකින් 679 අංකයට SMS පණිවිඩයක් යොමුකිරීම මගින්Star Sports Select 1 HD සක්‍රීය කරගත හැකි වේ.

එමෙන්ම, ඔබ කොහේ සිටියත් ඔබේ ජංගම දුරකථනය ඔස්සේ තරගයේ එක් පන්දුවක් හෝ මගහැරීමට ඉඩ නොදී තරග උණුසුම රිසි සේ විඳගැනීමට ඔබට Dialog ViU app හරහා අවස්ථාව හිමි වේ.

ඔබ කළ යුතු වන්නේ Dialog ViU app එක ඩවුන්ලෝඩ් කර, ඔබේ Dialog TV ගිණුම් අංකය ලියාපදිංචි කිරීම පමණි . කිසිදු ඩේටා ගාස්තුවකින් තොරව සම්පූර්ණ ලෝක කුසලාන තරගාවලියම නැරඹීමට මෙමගින් ඔබට අවස්ථාව හිමිවේ.

එමෙන්ම තරගයේ අතපසු වුන සුවිශේෂී අවස්ථාවන් Catch up සහ rewind TV පහසුකම් තුලින් පැය 72 ක කාලයක් තුළ නැවත නැරඹීමේ හැකියාව Dialog ViU App සහ Dialog Television ViU Hub හරහා පහසුවෙන්ම ලැබෙනු ඇත.

ඔබත් Dialog Television සමග ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම සිත් සේ විඳගැනීමට එකතු වෙන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *