පවතින විදුලි ගාස්තු සංශෝධනය හමුවේ ජල ගාස්තුවල සිදුවන වෙනස පිළිබඳ අවසන් තීරණය එළඹෙන ජූනි මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ජල බිල වසරකට දෙවතාවක් සමාලෝචනය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට අනුව මෙම සංශෝධනය සිදු කෙරේ. ඒ අනුව, ජූනි මස අග වන විට පවතින මෙහෙයුම් පිරිවැය සහ විදුලි ගාස්තුවල බලපෑම සැලකිල්ලට ගනිමින් ජල බිල ඉහළ දමන්නේ ද නැද්ද යන්න පිළිබඳව නිල නිවේදනය නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














