වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේබල් යොදා ගනිමින් වසර පහක පමණ කාලයක සිට පලතුරු පාන බෙදාහැරීමේ ජාවාරමක් සිදු කරගෙන ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් චෝදනා 16කට වරදකරු වීම හේතුවෙන් ඔහුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර තිබේ. කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපාය දූතයෙකු මාර්ගයෙන් මෙම වැටලීම සිදු කර නඩුව ගොනු කර ඇති අතර, අත්අඩංගුවට ගත් ව්‍යාජ ලේබල් සහිත පලතුරු නෙක්ටාර් තොගය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.














