වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මට්ටක්කුලියේ කුඩු රොශාන්’ නැමැත්තා ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයක් වැරදී යාම හේතුවෙන් ඔහු අසල සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවැරිදි පුද්ගලයෙකි. රොශාන්ගේ සහෝදරයකුගේ දරුවකුගේ උපන්දින සාදයක් අතරතුර හිස්වැසුමක් පැළඳ මෝටර් රථයකින් පැමිණි අයෙක් පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති අතර, බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














