වත්තල පොලිස් වසමට අයත් පල්ලියාවත්ත, කදිරාන ප්‍රදේශයේ සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, ජූලි 23 වැනි දින සිදු වූ මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන්ට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් සඳහා තම බැංකු ගිණුම හරහා මුදල් මාරු කර අපරාධයට ආධාර සහ අනුබල ලබා දීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ සන්ධ්‍යාවේ මුකලන්ගමුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සීදුව, මුකලන්ගමුව පදිංචි 24 හැයිරිදි වියේ පසුවන මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.














