• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංදර්ශනය නැති අපි වැඩ කරන ආණ්ඩුවක් – අගමැති

21 August 2018
in දේශීය

ගෙවුණු වසර තුන තුළ මහින්ද රාජපක්ෂ පාලන සමයේ පව් ගෙවා දමා, රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් ජනතාව වෙනුවෙන් පින් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා 18 වනදා දෙනියාය ඌරුබොක්ක, මහජන ක්‍රීඩාංගනයේදී පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්.

වත්මන් ආණ්ඩුව සංවර්ධනයක් රට තුළ දියත් කළේ රූපවාහිනිය හෝ රටේ අනෙකුත් ජනමාධ්‍ය ඔස්සේ නොවන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා පසුගිය ආණ්ඩුවේ පව් ගෙවීමට සිදු නොවූයේ නම් මීටත් වඩා සංවර්ධනය වේගවත් කිරීමට හැකියාව තිබූ බව පෙන්වා දුන්නේ ය.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” අපේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක්. අපි වැඩ කරන්නේ ක්‍රියාවෙන් මිස රූපවාහිනිය තුලින් නොවේ. රූපවාහිනියෙන් අපේ වැඩ විකාශය කරන්නේත් නැහැ. නමුත් මහරජාණෝ බලයේ සිටියා නම් මෙතරම් වැඩ කරනවා යැයි රූපවාහිනියෙන් මාධ්‍ය සංදර්ශන පවත්වනවා. නමුත් අප එසේ නැහැ. අප කරන්නේ වැඩ කිරීම පමණයි. අපි වැඩ කරනවා යැයි පවසමින් බොරු කරන්නේ නැහැ. යැයි පැවසිය.

මෙම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, තරුණ කටයුතු ව්‍යාපෘති කළමණාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් ප්‍රමුඛ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්, ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුළු දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

 

Post Views: 9
Previous Post

29 මොණරාගලට එන්න – ඇමැති මංගල කියයි

Next Post

පොෟද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින්

editor

editor

Next Post

පොෟද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved