• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාත්‍යන්තර උගුල්වලට අපි හසුවෙලා ඉවරයි – මන්ත්‍රී ආචාර්ය හරිනි

17 August 2022
in දේශීය

ජාත්‍යන්තරයට ඇඟිල්ලක් දිගු කිරීමට අපට නොහැකි බවත් වෙන රටවල් ඔවුන්‌ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන අතර අපට න්‍යාය පත්‍රයක් නොමැති හෙයින් අප අන් රටවලට න්‍යාය පත්‍රවලට හසුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒහිදී ඇය කියා සිටියේ දැන් ඇති ජාත්‍යන්තර බලපොරයට අප දැන් හසුව ඇති බවයි.අපට කවුරු එක්කවත් ඍජුව කතා කිරීමට හෝ තීරණ ගැනීමටත් නොහැකි වී ඇති බව ඇය අවධාරණය කලේය.

මෙම විකෘති පාර්ලිමේන්තුව නිවැරදි කීරීමට මැතිවරණයක් අවශ්‍ය බවත් මන්ත්‍රීවරිය සඳහන් කළා.

රනිල් – රාජපක්ෂ හවුල විසින් අටවා ගත් මෙම සර්වපාක්ෂික යැ යි කියාගන්නා ආණ්ඩුවට කිසිදු සහායක් ලබා නො දෙන බව යි මන්ත්‍රීවරිය තවදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර, සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැඟීම සඳහා තිබූ හොඳ ම කාලය ගෙවී ගොස් ඇති බවත් දැන් ක්‍රියාත්මක වීමට යන්නේ, තනි පුද්ගලයකුගේ ප්‍රතිපත්තියක් මත පිහිටි ආණ්ඩුවක් බවත් ආචාර්‍ය හරිනි අමරසූරිය චෝදනා කරනවා.

ව්‍යවස්ථානුකූල ව පත් වුණ ද රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත් වීම තුළ ඇත්තේ, විකෘතියක් බව යි මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

එවැනි ජන මතයට විරුද්ධ ව නිර්මාණය වන ආණ්ඩුවකට කිසි සේත් ම සහාය නො දක්වන බව ද මන්ත්‍රීවරිය අවසාන වශයෙන් පැහැදිලි කරනවා.

 

Post Views: 5
Previous Post

වතුකර ජනතාව වෙනුවෙන් online ක්‍රමය යටතේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක්

Next Post

පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්නැයි මන්ත්‍රී පියල් කියයි

editor

editor

Next Post

පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්නැයි මන්ත්‍රී පියල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved