27 April 2024
#දේශීය

අපි මැතිවරණවලට බය නැහැ-රාජ්‍ය ඇමති රෝහණ කියයි

වත්මන් කාලයේදි පැවැත්විමට නියමිත ඕනැම මැතිවරණයකට පොදුජන පෙරමුණ සුදානම් බවත් පක්ෂයේ පිළිලයන් වු පුද්ගලයින් මේ වන විට පක්ෂයෙන් ඉවත්ව ගොස් ඇති නිසා පක්ෂය පිරිසිදු වි ඇති බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ ඇම්.සි පාර කාර්යාලයේදි ඉකුත්දා පැවති පක්ෂ ක්‍රියාකාරින් පිරිසක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ආමත්‍යවරයා කියා සිටියේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා වාසි නොලබන විට පක්ෂයෙන් ඉවත්ව ගිය කුඩා පක්ෂවල පිරිස් විසින් විවිධ සභාග හදමින් කටයුතු කරනවා.අපි ඔවුන්ට අභීයෝග කරනවා හැකිනම් තනියෙන් කුඩා පක්ෂ ලෙස මැතිවරණවලට තරග කර ජයග්‍රහණය කරන්න කියලා.එහෙම කරන්න ඒ අයට බැහැ.දැන් මේ පක්ෂයේම පිරිසක් පසුගිය අනුප්‍රාප්තික ජනාධීපතිවරයා තෝරන අවස්ථාවේදි පක්ෂයේ මතයට පිටින් ගිහින් කටයුතු කළා.ඒ පිරිස විසින් පැවති ආණ්ඩුව විවේචනය කරනවා.නමුත් ඔවුන්ට අමතක වෙලා ඔවුන් ඒ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධුර දැරු අය කියලා.ඔවුන් ජනතාවට සේවය කිරිම පසෙකලා ජනතාව මේ ඉන්න තැනිනුත් පහතට දාන්න මේ වන විට කටයුතු කරනවා.අපි ආණෟඩුවක් විදිහට ශක්තිමත්ව මේ වන විට කටයුතු කරනවා.ආහාර සුරක්ෂිතතාවය පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් ළමුන් ඇතුලු අනෙකුත් ප්‍රජාව වෙත ආහාර ඇතුලු අනෙකුත් දේවල් ලබා දිමට යුහුසුලුව කටයුතු කරනවා.මේවා ඉවසගන්න බැරි වැඩ බැරි ටාසන්ලා පිරිසක් ඒවා විවේචනය කරනවා.ඉදිරි කන්නයේදි ගොවින්ට අවශ්‍ය පොහොර ලබා දිමට මේ වන විටත් කටයුතු කරනවා.යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *