27 April 2024
#ක්‍රීඩා

අත තියන්නේ නැතිව නවත්වන්න බෑ

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයට අත නොතබා රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) දින සහභාගී වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 2015 සිට මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අක්‍රීය කිරීමට තම රජය පියවර ගත් බවයි.

2002 වසරේ අප ආරම්භ කළ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගොස් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම, මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොතිබීම හා දේශපාලන මැදිහත්වීම් නිසා කොළඹ නගරවලට පමණක් සීමාවී පැවැති මත්ද්‍රව්‍ය අද වනවිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා ව්‍යාප්තවී පාසල් සිසුන් නැඹුරු කර ගන්නා තත්ත්වයට පත්ව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයේ නව තෙමහල් ගොඩනැගිල්ල, වාරියපොළ පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල සහ වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ද විවෘත කරනු ලැබීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *