• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ – රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

27 February 2021
in දේශීය

පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව යහ පාලන ආණ්ඩුව පත් කල එකක් බවත් එහි වගකීම අප භාර ගන්නේ නැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(26) මාතර, දෙයියන්දර මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කරමිනි.

අප පාස්කු කොමිෂන් එකෙන් බලාපොරොත්තු වුනේ පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුනේ කවුද? හොයන්න මිසක් වෙනත් කාරණා නොවන බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “පාස්කු ප්‍රහාරය සිදුවුනේ යහ පාලන කාලයේ. ඒ නිසා එහි වගකීම වෙන කාටවත් පවරන්න බැහැ. ආරක්ෂක කටයුතු නිසියාකාරව සිදු නොකිරීම, බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට පත් කිරීම, දේශපාලන පලි ගැනීම් නිසා ආරක්ෂාව බිංදුවට වැටුනා. ඒ නිසා තමා පාස්කු ප්‍රහාරය සිදුවුනේ.
දෙවනි කාරණය පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට මෙම කොමිෂන් එක පත් කළේ යහ පාලන ආණ්ඩුව. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මේ කොමිෂන් එකත් ඒ ආණ්ඩුව කාලේ පත්කරපු එකක් නිසා එහි වගකීමත් අපි භාර ගන්නේ නැහැ කියලා පැහැදිලිව කියන්න ඕනේ. මොකද සමහර තීන්දූ තීරණ ගැන සමාජයේ මත ගැටුමක් ඇවිල්ලා තියෙනවා.
විශේෂයෙන් කියන්න ඕනේ කතෝලික ජනතාව නියෝජනය කරන කෙනෙක් හැටියට මෙම කොමිෂන් වාර්තාව නිසා මේ රටේ කිසියම් සිංහල බෞද්ධ සංවිධානයකට සිත් රිදවීමක් වෙලා තියෙනවනම් අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම කියන්න ඕනේ කොයිම වෙලාවකවත් සිංහල බෞද්ධ සංවිධාන ගැන හොයන්න කියලා කතෝලික ජනතාව නියෝජනය කරන අපි හෝ කතෝලික සභාව කීවේ නැහැ. මේක මේ වෙනත් කාරණයක් කරලා තියෙන්නේ.
ඒ නිසා යම් පුද්ගලයකුට හෝ යම් පාර්ශවයකට ප්‍රශ්නයක් වෙලා තියෙනවනම් ඒක අපි හෝ කතෝලික සභාව කරපු කාර්යභාරයක් නෙමේ. මේ කොමිෂන් සභාව විසින් කරපු කාර්යභාරයක්. ඒ වාර්තාව පදනම් කර ගෙන මේ රටේ සිංහල බෞද්ධ ජනතාව හා කතෝලික ජනතාව අතර ප්‍රශ්න ඇති කිරීම සඳහා තමයි කවුරු හරි උත්සාහ කරලා තියෙන්නේ කියල මට හිතෙන්නේ.
පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම කතෝලික ජනතාවට විශාල සහයෝගයක් දුන්නේ ගරුතර ස්වාමීන් වහන්සේලා, බෞද්ධ නායකයෝ, බෞද්ධ ජනතාව. මේ රට සිංහල බෞද්ධ රටක්. මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. බෞද්ධ සංස්කෘතිය අනුව, ඒ නායකයෝ දෙන අනුශාසනා අපි පිලිගන්නවා. කතෝලික මන්ත්‍රීවරු ලෙස අපි කියන්නේ පාස්කු ප්‍රහාරයේ වාර්තාව නිසා යම් කිසි සිත්තැවුලක් සමහර සංවිධානවලට වෙලා තියෙනවා නම් පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලපු ඒ කමිටුවට අපගේ විරෝධය ප්‍රකාශ කරනවා. ඒ කටයුත්ත කිරීම පිළිබඳව.
පාස්කු ප්‍රහාරය එල්ල කළේ මේ රටේ බෞද්ධ ජනතාව නෙමෙයි. ස්වාමීන් වහන්සේලා නෙමෙයි. මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ ත්‍රස්තවාදීන්. ඒ ත්‍රස්තවාදීන්ට උදව් කළේ කවුද? අනුබල දුන්නේ කවුද කියන එක අපි බලාගෙන හිටියේ. ඒක මෙම කොමිසම් වාර්තාවේ නැහැ. ඒ නිසා මෙම කොමිසම් වාර්තාව පිළිබඳව අපට අප්‍රසාදයක් තියෙනවා කියලා කියන්න ඕන. .” යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කීය.

Post Views: 5
Previous Post

කොළඹ සියළුම ජේෂ්ඨයින්ට කොරෝනා එන්නත්කරණයට අවශ්‍ය සියළු දේ සුදානම් – නගරාධිපතිනිය පවසයි

Next Post

ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න – ජනපති ත්‍රිකුණාමලයේදී කියයි

editor

editor

Next Post

ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න - ජනපති ත්‍රිකුණාමලයේදී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved