• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමති සූදු අපිට එපා. කමිටු හරහා රට ‌හදමු – විපක්ෂනායක සජිත් 

6 August 2022
in දේශීය

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා පොදු ගමනක් යාමට තීර්ණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා අද (06) දැරණියගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පල මහතාගේ ආසන බලමණ්ඩල රැස්වීමදී මේ බව පැවසිය.

එම පොදු ගමන සර්ව පාක්ෂික, ඒකාබද්ධ රට ගොඩනගන වැඩපිළිවෙළක් බවත් එහි දී කිසිදු ආකාරයක ඇමති ධුර ආදී තනතුරු බෙදා ගැනීම වැනි ඩීල්වලට එකතු නොවන බව හෙතෙම පැවසිය.

සුපුරුදු කුජීත දේශපාලන සංස්කෘතිය නැවත ගෙනවිත් රටේ ලක්ෂ 220ක් වූ ජනතාව නැවත විඳවීමට ලක් නොකිරීමට තීරණය කර ඇති බවත් සමගි ජන බලවේගයේ යෝජනාව වන්නේ සවිබල ගැන්වූ බලයක් සහිත විධායක පාර්ලිමේන්තු කමිටු නැවත ආරම්භ කළ යුතු බව වන අතර එහි දී මැති ඇමතිකම් ලබාගෙන ඒ බර ජනතාවට පැටවීමක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ බලයක් සහිත කමිටු හරහා රට ගොඩනගන හොද වැඩවලට සහාය දිය හැකි බවත් ඒ මහතා පැවසීය.

පසුගිය කාලයේ තිබූ කැදර ඇමති තනතුරු ලබා ගැනීමට යොමු නොවී අපේ රට සෞභාගය සම්පන්න රටක් බවට පත්කර ගැනීම උදෙසා පොදු වැඩපිළිවෙලකට  සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවර්නයේදී ජනතාව ගත් වැරදි තීරණයක් හේතුවෙන් අසාර්ථක පාලකයකු බලයට පත් වූ බවත් ඔහුගේ දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් මුළු රටම අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය. 

මේ වන විට රටේ ලක්ෂ 220ක් වූ ජනතාව අසරණ වී ඇති බවත් එ සඳහා හේතු වුයේ දඩබ්බර, උද්දච්ච, හිතක් පපුවක් නැති  වැඩ බැරි රජයක ක්‍රියාකලාපය බවත් ඒ මහතා කියා සිටියේය.

2019 දෙසැම්බර් රට තිබු තත්ත්වයට ගෙන ඒමට වසර 5කට වැඩි කාලයක් ගත වන බවත් මාස 2න් 3න් රට ගොඩ නගන සිහින කතාවලට නොරැවටෙන ලෙසත් එය අසත්‍යක් බවත් පැවසීය. මේ බොරුවට ඉඩ දෙන්න එපා ලෙසත් අපේ දරු පරපුරේ අනාගතය සුරැකිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේය.

Post Views: 9
Previous Post

ජනපතිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් සුබපැතුම්

Next Post

රනිල් ඔයා මාමාටත් වඩා වරද්ද ගන්නවා – රවි කුමුදේශ්

editor

editor

Next Post

රනිල් ඔයා මාමාටත් වඩා වරද්ද ගන්නවා - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved