27 April 2024
#දේශීය

ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩු සමග අපේ ඇයිහොදැයිකම් නෑ – විපක්ෂ නායක සජිත්

ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩු සමග අපේ ඇයිහොදැයිකම් නොමැති බවත් බොරු ප්‍රචාරවලට නොරැවටෙන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඒ මහතා කියා සිටියේ දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර් විසින් ගොබෙල්ස් උපයෝගී කර ගෙන මාධ්‍ය හරහා බොරුව ජනගත කලා සේ වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්ද බොරු ප්‍රචාර ජනගත කිරීමේ කූට උපක්‍රමයක නියැලෙන බවයි.

සැබෑ මාධ්‍යවේදීන්ට පවා අපහාස කරමින් මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් හරහා ඇත්ත බොරුව බවට පත් කිරීම හා බොරුව ඇත්ත බවට පත් කිරීමේ මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව විසින් සමගි ජන බලවේගය විසින් අගමැතිකම් මැති ඇමතිකම් ලබා ගැනීම සදහා සාකච්ඡා කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් සිටින බවත් ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බවත් එබැවින් මෙවැනි බොරු සහ ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *