8 September 2024
#දේශීය

ආණ්ඩුව එක්ක අපේ සම්බන්ධයක් නෑ – විපක්ෂ නායක සජිත්

සාමකාමීව උද්ඝෝෂණය කිරීම නිදහස පවා රට තුළ තහවුරු කර ඇති අවස්ථාවක මේ රජය නිරතුරුවම ජනතාවගේ මූලික අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසන තත්ත්වයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ කැලනිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා බැලීමට රාගම රෝහලට පැමිණි  අවස්ථාවේදී ය.

මෙරට ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය භාවිත කිරීමේ නිදහස පැවැතිය යුතු බවත් එය රජය අහෝසි කිරීම විපක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් හෙතෙම පැවසීය.

මැතිවරණය වළක්වා ඒකාධිපති පාලනයක් ගෙන යමින් ජනතාවගේ මූලික අයිතින් පවා මේ ආණ්ඩුව උල්ලංඝනය කරන බවත් එවැනි ආණ්ඩුව සමග කිසිදිනක තමාට හෝ ජනතාවට හිතැති තම පක්ෂයේ කාටවත් සම්බන්ධයක් නොමැති බවත් කිසිදින මේ ජනතා විරෝධී ආණ්ඩුව සමග එක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *