• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි – බැසිල් රාජපක්ෂ

21 January 2021
in දේශීය

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා අරලිය ගහ මන්දිරයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන කළමනාකරුවන් හා සමාජ සංවර්ධන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

2021 අයවැය යෝජනා අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි සමෘද්ධි පවුල් වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් 25000ක් ඉලක්ක කරගත් ගෘහස්ථ වෙළඳසැල් ජාලයක් පිහිටුවීම, සමෘද්ධී පවුල් ලක්ෂ දෙකක් කේන්ද්‍ර කරගත් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථකයක් හා එම ගම්මාන බලසම්පන්න කිරීම, ගම සමඟ පිලිසඳරක් වැඩසටහනට සමගාමීව ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ සුන්දර ගමක් වැඩසටහන මඟින් 7% වාර්ෂක පොළියට ණය පහසුකම් සැපයීම යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ව්‍යවසාය සංවර්ධනය මඟින් විරැකියාව අඩු කිරීම මෙම වැඩසටහන් වල අරමුණ වේ.

මෙහිදී සමාජ සංවර්ධන අංශය විසින් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර විවිධ සමාජයීය හේතු නිසා ජීවත්වීමට සුදුසු නිවසක් නොමැති ප්‍රජාවගේ නිවසක අයිතිය සහතික කරමින් ඔවුන්ගේ සමාජයීය ජීවිතය සුරක්ෂිත කිරීම, කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන විවිධ මානසික ගැටලු අවම කරගැනීම සඳහා අවශ්‍ය උපදේශන දායකත්වය ලබාදීම, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය හා ‍වෙනත් සමාජයීය හේතු නිසා පවුල් ඒකකයන්ගේ බිඳවැටී ඇති අභ්‍යන්තර සහජීවනය ගොඩනැගීම ඒ අතර වේ.

සමාජ සංවර්ධන අංශයට මෙම වර්ෂය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 90ක් වෙන් කර ඇත. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මෙම වැඩසටහන් සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන අතර ජාතික ළාමා රක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදි සම්බන්ධ වන සහාය ආයතන වේ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් සහභාගී වූහ.

Post Views: 10
Previous Post

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්

Next Post

අනුරාධපුරයේ නව ඇඟලුම් කර්මාන්ත ආරම්භ කිරීමේ සැලසුමක් – රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

අනුරාධපුරයේ නව ඇඟලුම් කර්මාන්ත ආරම්භ කිරීමේ සැලසුමක් - රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved