• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි අහරින් ස්වයංපෝෂිත දේශයක් බවට පත් කරනවා – අගමැති

28 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබන්නේ කොපමණද ඒ තරමින්ම අප අහරින් ස්වයංපෝෂිත දේශයක් බවට පත්වෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) දින වාරියපොළ, නුවරකන්ද පුරාණ රජ මහා විහාර චෛත්‍යරාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” මේ ඓතිහාසික භූමිය අපේ රටේ ඉතිහාසයේ ශිෂ්ටාචාරයට පදනමක් ගොඩ නැගුණු මහපොළොවක්. ශිෂ්ට සම්පන්න ජාතියකට බුදු දහමේ ආලෝකය ගමින් ගමට මහ සඟරුවන දායාද කළා. දේවානම්පියතිස්ස රජ කාලේ සිරිලක පළවෙනි අගනුවර ගොඩනැගීම සඳහා පැමිණීමත් ඊට පෙරාතුව දඹදිව සමඟ රජු කරන ලද විවිධ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් පුණ්‍යවන්ත දිනයක් ලෙස ඉදිරි සතිය රටේ සෑම විහාරස්ථානයකම ආගමික කටයුතු වල නිරතවෙමින් මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය පිහිටවූ ගමන්මග සිහිපත් කරනවා. එවන් ඉතිහාසයකට උරුමකම් කියන දේශයක ඉතිහාසය ආරක්ෂා කර ගැනීමට දහස් ගණන් ගම් නියම් ගම් වල විහාරස්ථාන පමණක් නොව ශිෂ්ටාචාරයත් ගොඩනැගුවා. එම ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය විහාරස්ථානයයි. අපි ගොවිතැන්බත් කොට ජාතියක් ගොඩ නගපු උරුමයන් කියන්නට පුළුවන් දේශයක්. ලොව මවිත කරවන චෛත්‍යරාජයාණන් වහන්සේලා විවිධ කලාවන් නිර්මාණය කරන්නට සමත් වුණා. ජලය සමග ලෝකයම ආදර්ශයක් විය හැකි ප්‍රයෝජනයට ගන්නා වූ විවිධ ක්‍රමවේදයන් නිසා අදත් ශ්‍රී ලංකාව ගැන ලෝකයේම සාකච්ඡාවට බඳුන් වෙනවා. දූපතක් වීම නිසා අප සෑම විටම මුහුදු මාර්ගයේ ප්‍රයෝජනයට සහ තර්ජනයට හේතු වූ රටක්. රට ආරක්ෂා කිරීම සඳහා එදා රජවරුන්ට සුවිශේෂ ශක්තියක් ගම් රටවල් වලින් ලබා ගැනීමට හැකිවීම නිසා අපේ නිදහස ආරක්ෂා කරගැනීමට පුළුවන් වුණා. විදේශ ආක්‍රමණිකයන් නිසා විවිධ කාල පරිච්ඡේදවල අපි පසු බස්සා. යළිත් අප ඉදිරියට ගමන් කළා. දැදුරු ඔය මහ ජලාශය හරහා වැව් දහස් ගණනක් පෝෂණය කරන වැව්බැඳි රාජ්‍යය ලෙස සැලකෙන මේ ගොවි තැන්බත් කරපු ප්‍රදේශයන් සංවර්ධනය කරවීමටත් ඉදිරියට අනෙක් ප්‍රදේශ කරා එම ජලය ගෙනයාමටත් තිබෙන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අප කැප වී තිබෙනවා. පසුගිය කාලේ අපේ රටේ ආර්ථිකය ප්‍රපාතයකට ඇද වැටුණා. දෙවන මහා යුද්ධය පැවති කාලයේ බ්‍රිතාන්‍ය සමයේ මෙවැනි ප්‍රපාතයකට රට ඇද වැටුණා. ඒ කාලේ මිනිස්සුන්ට බලාපොරොත්තු නොවුණු දේත් ආහාරයට ගන්නට සිද්ධ වුණා. යළි අප රට ගොඩනැගීමට ඉවහල් වූ ප්‍රධාන සාධකයන්ගෙන් එකක් වුණේ අපේ ගොවි ජනතාවයි. ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබන්නේ කොපමණද අප අහරින් ස්වයංපෝෂිත දේශයක් බවට පත්වෙනවා. ඒ තුළින් අපේ ආහාර නිෂ්පාදනය පමණක් නොව විදේශ කරා ගමන් කරන මුදල් අපේ දේශයේ ප්‍රයෝජනය පිණිස පරිවර්තනය කර ගන්නට පුළුවන් වෙනවා. ඒ තුළින් අපට සංවර්ධන ව්‍යාපෘති වලට නැවත පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා. අපට ආධාර කරන විදේශ රටවල් ශ්‍රී ලංකාවාසීන් කෙරෙහි දැවැන්ත විශ්වාසයක් තබනවා. කෘෂිකර්මය මත පසුගිය කන්න දෙක ශ්‍රී ලංකාවාසීන් කුමන බලාපොරොත්තු තැබුවාද කියා ඔබ දන්නවා. අපේ රටේ ගොවි ජනතාව ඒ බලාපොරොත්තු ඉටු කර තිබෙනවා. ඒ වෙනුවෙන් රජයට ලබාදිය හැකි විවිධ සහන ලබාදීම තුළින් ලබා ගත් අස්වැන්නෙ ප්‍රතිඵලය වුණේ ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් වෙමින් ජාත්‍යන්තර විශ්වාසය යළි ජනිත කර ගැනීමට හැකි වන ප්‍රධාන සාධකයක් බවට පත්වීමයි. විශේෂයෙන් සශ්‍රීක ගොවිබිම් ඇති ප්‍රදේශයකදී ගොවි ජනතාවට ඒ සුවිශේෂ ගෞරවය පුද කරන්නට අවශ්‍යයි. මෙම විහාරස්ථානය වළගම්බා රජතුමා කේන්ද්‍රස්ථානයක් කරගත් විහාරස්ථානයක්. ලක් ඉතිහාසයට එය කිසි ලෙසකින් අමතක කළ නොහැකියි. ඒ නිසාම මේ වෙනුවෙන් රජයට දැක්විය හැකි සෑම සහයෝගයක් ම ලබා දෙනවා. අපි ගොවිතැන් කරලා අස්වැන්න අරගෙන මුලින්ම වන්දනා කරන ජාතියක්. ඒ අනුව අපි අනුරාධපුර සහ විවිධ පුණ්‍ය භූමියෙන් කරා ගමන් කරනවා. ඒ මහා නිර්මාණයන් ගොඩනැගුනේ ගඩොලින් ගඩොල ඉදි කරලා.ඒ වෙනුවෙන් අපේ මහජනතාව දක්වපු සහයෝගයන් නිසා. ඒ තරම් සැලසුම් සහිතව එම ස්ථාන ගොඩනැගීමත් ඒ අභිමානවත් ඉතිහාසය ගොඩනැගීමටත් මෙහෙයවූ රජ දරුවන්ට පුළුවන් වුණා.අපේ රටේ ඉතිහාසයේ නිදහස් සටනේ අභිමානවත් කතාවේ කිසි දවසක කුඩා දරුවෙකුට වැඩෙන තරුණයකුට වැඩිහිටි දෙමාපියෙකුට අමතක කළ නොහැකියි වාරියපොළ සුමංගල හාමුදුරුවෝ. හිරු නොබසින අධිරාජ්‍යය කියන රාජ්‍ය බලය ඉදිරියේ කතිර කොඩිය පහළට දමා නිවැරදි වෙලාවට පොරොන්දු පරිදි කටයුතු කරන්න කියන්න තරම් මහ සඟ රුවනක් මේ ප්‍රදේශවලින් බිහිවුණා. එය රටේ ගෞරවයෙන් පමණක් නොව සම්බුද්ධ ශාසනයට ඇති ශක්තියත් රටවැසියාට තිබූ ශක්තියත් යළි විදහා දැක් වූ අවස්ථාවක්. ආර්ථික අර්බුදයෙන් තරමක් හෝ හිස ඔසවන විට මේ ප්‍රදේශයන් වල දියුණුව සඳහා එක්ව කටයුතු කරමු. කෘෂිකර්මය පමණක් නොව ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රය හරහා ආහාර නිෂ්පාදනය වැනි තවත් ක්ෂේත්‍ර හරහා ගමන් කිරීමට පුළුවන් ප්‍රවේශ බවට පත්කරගමු යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මල්වතු මහා විහාර පාර්ශ්වයේ අධිකරණ සංඝනායක ඔග්ගමුවේ සීලරතන හිමි, නුවරකන්ද පුරාණ විහාරාධිපති තලංචියෙ පියරතන හිමි, විහාරාධිකාරී නෑටියේ සීලරතන හිමි ඇතුළු මහා සංඝරත්නය රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක ඇතුළු දායකකාරකාදීන් රැසක් එක්වූහ.

 

Post Views: 10
Previous Post

බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

රනිල් අපිව හිරකරනවා අනුර කියයි

editor

editor

Next Post

රනිල් අපිව හිරකරනවා අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved